Sinhala News Details

img

-රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිදේශීය වෛද්‍ය ක්ෂේත්‍රය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් බවට පත්කරනවා සිර ජයකොඩි 24.03.2022

       බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අලුතෙන් ඉදිකරන ලද අට මහල් වාට්ටු සංකීර්ණයේ 
පළමු අදියර අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල 
මහතාගේ ප්‍රධානත්වයෙන්  දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා  ආයුර්වේද රෝහල් සංවර්ධන 
හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් ජනතා 
අයිතියට පත් කෙරිණ. 
 
දේශීය වෙදකම උපයෝගී කොට ගනිමින් නිරෝගී ජනතාවක් බිහි කිරීමේ අරමුණින් 
ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය ඇඳන් 360 කින් සමන්විතයි.  
         “Health Tourism ප්‍රවර්ධනයට ආයුර්වේද වැඩපිළිවෙල බෙහෙවින්ම උපකාරී වන බව මම 
විශ්වාස කරනවා, 1983 ජූලි කලබල සමග ඇති වූ සංචාරක අවපාතයේදී, රුපියල් බිලියන, 
මිලියන ගණන් වියදම් කොට පවත්වාගෙන ගිය හෝටල් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා 
වැටුණා. ඒ අවස්ථාවේදී කඩා නොවැටුණු හෝටල් කිහිපයක් තිබුණා. ඒ ආයතන ඉතාමත් 
බුද්ධිමත් ලෙස ආයුර්වේද වැඩපිළිවෙලට හෝටල් කිහිපයක් පරිවර්තනය කළා.ඒ හෝටල් 
ඉතාමත්ම සාර්ථක වුණා පමණක් නොව විශාල ආයෝජකයන් හැටියට ප්‍රතිලාභ ලබන 
ආයතන බවට පත්වුණා. සිංගප්පූරුවේ Health Tourism ක්ෂේත්‍රයේ ගිය අවුරුද්දෙ ආදායම 
ඩොලර් බිලියන 5.5 ක්. ලංකාවේ අපට ආවේණිකව මේ ශක්තිය, මේ අයුර්වේද 
වැඩපිළිවෙල නවීකරණය වෙලා තියෙනවා. අධ්‍යාපන මට්ටම උපාධිය දක්වා දීර්ඝ වෙලා 
තියෙනවා.ඒ නිසා ඉතාමත් විද්‍යාත්මක පදනමක් තුළ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍යය 
වෙනුවෙන් සුබ සාධන වියදම් කරනවා වගේම ඒ හරහා රටවැසියන්ට බරක් නොවන විධියට 
යම් ආර්ථික උත්පාදනයක් ඇති කරන්නට පුළුවන් වුණොත් අපට මීටත් වඩා රජයෙන් 
යැපීමේ වැඩපිලිවෙලෙන් බැහැර වී යම් සහනයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලකට යන්න 
 
 
පුළුවන්”, රැස්ව සිටි පිරිස අමතමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 
 
 
අවුරුදු 70 ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය මහජනතාවට 
කරන මෙහෙවර ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, දේශීය හා විදේශීය සංචාරක ක්ෂේත්‍රයේ 
ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම තුළින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන 
මාර්ගයක් බවට පත් කරන බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා  ආයුර්වේද රෝහල් 
සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මෙම අවස්ථාවට එක් 
වෙමින් පැවසීය. 
        
          
 
        රුපියල් මිලියන 1,906 ක ආයෝජනයක් සහිත වාට්ටු සංකීර්ණය ශල්‍ය වාට්ටු, පොරොත්තු 
වාට්ටු, සහ කාන්තා රෝග වාට්ටුවලින් සමන්විතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයුර්වේද ජාතික 
රෝහල වන මෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය සහ යුනානි උපාධිය හදාරණ 
සිසුන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවල ආයුර්වේද හා යුනානි උපාධිය හදාරණ 
උපාධි අපේක්ෂකයන්ට සීමාවාසික පුහුණුව සැපයේ. 
 
        ජාතික සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත මෙම රෝහල් 
සංකීර්ණය වෛද්‍යවරු 120 දෙනෙක් සමග හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් 
සමන්විතයි. 
        මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා  ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා 
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික 
අබේගුණවර්ධන, ආයුර්වේද සංස්ථාවේ සභාපති සාගලා කරුණාරත්න යන මහත්ම 
මහත්මීහු, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරු, 
මහාචාර්යවරු, කතිකාචාර්යවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයේ 
කතිකාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය සහ සහාය කාර්ය මණ්ලය 
ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. 
Dr. S.M.M.Nawshad