Sinhala News Details

img

ඉදිරි යල කන්නයේ වී වගාවට හිඟයකින් තොරව පෙහොර ලබා දෙනවා -කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ 21.03.2022

පුද්ගල කමිටුඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05 ක් වගා කරන්න අපේක්ෂා කරන අතර, ඒ සඳහා 
ගොවීන්ට අවශ්‍ය පොහොර, දිලීරනාශක හා පලිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට කටයුතු 
කරන නිසා ගොවීන් කිසිසේත් ඒ ගැන  අනියත බියක් තබා ගත යුතු නැති බව කෘෂිකර්ම අමාත්‍ය 
මහින්දානන්ද අලුත් ගමගේ මහතා පැවසීය.  
මීට අමතරව එළවළු, පළතුරු, බඩඉරිඟු වැනි අනෙකුත් බෝග වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර 
ආනයනය කිරීමට කටයුතු කරන අතර කාබනික පොහොර සඳහා පොහොර සහනාධාරය ලබා දීමට 
සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
අද (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති පොහොර බෙදා දීමේ රජයේ 
වැඩපිළිවෙල පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා 
මෙම අදහස් පළ කළේය. 
දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා විසිරී පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562 ක මූලික කරගෙන මෙම 
පෙහොර බෙදා හැරීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙන බව කාබනික පොහොර නිෂ්පාදන 
ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස් ළූණු හා 
අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර 
රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය. 
ඒ ඒ දිස්ත්‍රික්කයේ දේශගුණය, කාලගුණය, පස සහ ගොවියාගේ වගා කිරීමේ ක්‍රමවේදය පිළිබඳව 
අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට 
නියමිතයි. මේ නිසා දිස්ත්‍රික් 25 අතර පොහොර බෙදා හැරීමේදී ක්‍රමවේද 25 ක් අනුගමනය කෙරෙනු 
ඇත. 
දිස්ත්‍රික් 25 තුළ පොහොර නිෂ්පාදකයින් 49 දෙනෙක් සිටින අතර කාබනික පොහොර ගොවීන්ට ලබා 
දීමේදී ජෛව දියර පොහොර, කාබනික දියර පෙහොර සහ කාබනික ඝණ පෙහොර වශයෙන් 
 
 
පොහොර වර්ග 03 ක් බෙදා හැරීම සිදු කෙරේ.  
 
මේ නිසා ගොවීන් පොහොර ලබා ගැනීමේදී ගොවිජන සේවා මධ්‍යස්ථානවල සේවය කරන කෘෂිකර්ම 
පර්යේෂණ සහකාර නිලධාරීන්ගෙන් සහ කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා 
ගැනීම වඩාත් සුදුසුය. 
දිවයිනේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්ම කේන්ද්‍ර කර ගෙන හරිත කාෂිකර්මාන්තයක් සඳහා වූ 
මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. මේ සදහා දිස්ත්‍රික් ලේකම්, කෘෂිකර්ම 
අධ්‍යක්ෂ, සහකාර ගොවිජන කොමසාරිස්, සහකාර පොහොර අධ්‍යක්ෂ, අන්තර් පළාත් නියෝජ්‍ය 
කාෂිකර්ම අධ්‍යක්ෂ, පළාත් සභා කෘෂිකර්ම අධ්‍යක්ෂ සහ හමුදා නිලධාරියෙකුගෙන් සමන්විත සප්ත 
වක් පත් කෙරේ.  
Dr. S.M.M. Nawshad