Sinhala News Details

img

ඉදිරියේදී උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ​ 02.04.2022

සරත් විජේසේකර මහතා විසින් අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු 
ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශය 
මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ වගකීම;  නීතිය හා සාමය රැකීම සහ ජනතාවගේ ආරක්ෂාව 
සපයන එක. අපි දන්නවා ගෑස්, විදුලිය,ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න ගණනාවකට මුහුණ දී 
සිටිනවා. මෙම තත්ත්වය උදාවීම ගැන රජයක් වශයෙන් වගකීමෙන් බැහැර වෙන්න බැහැ. බැහැර 
වෙන්නෙත් නැහැ. මේ සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණ තියනවා, රැළි පවත්වනවා. ඒක ජනතාවගේ 
ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක රජය විසින් කිසිසේත්ම උදුර ගන්නෙ නැහැ. නමුත් උද්ඝෝෂණ මුවාවෙන් 
පොදු දේපලවලට හානි සිදු කරනවා නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා 
නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නවා කියන එක ඉතා පැහැදිලිව මම කියන්න 
කැමතියි.  
පොලීසියට උපදෙස් දීල තිබෙනවා මේ කඩාකප්පල්කාරීන් අතර සාමකාමීව සිටින අය හඳුනා ගන්නා 
ලෙසත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ටත් හිරිහැරයක් නොවන 
ලෙසට කටයුතු කරන ලෙස මම පොලීසියට උපදෙස් ලබා දීල තියෙනවා. 
පොලීසිය කරන්නෙ තමන්ගෙ රාජකාරිය. මිරිහාන සිද්ධියේ දේපල හානිය රුපියල් ලක්ෂ 390 ක්. ඒ 
සම්බන්ධයෙන් රාජකාරී කරන්න ගිහින් මගේ පොලිස් නිලධාරීන් 17 ක් බරපතල තුවාල ලැබුවා. සමහරු 
තුවාල කරගෙන තවමත් රෝහල් ගතව සිටිනවා. ඔවුන් තුවාල කරගෙන, අපහාස විඳගෙන 
කඩාකප්පල්කාරීන්ගෙන් බැණුම් අහගෙන ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ගේ එම රාජකාරිය 
පිළිබඳව අවබෝධයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 
අවසාන වශයෙන්, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව රජය හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ. 
ලෝකයේ බොහෝ රටවල් මේ හා සමාන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. රජය මේ ප්‍රශ්න විසඳීමට 
කෙටිකාලීන  සහ දිගුකාලීන සැලසුම් දැනටමත් හදල තියෙනවා. ඒ සැලසුම් පිළිබඳව ඉදිරියේදී ජනතාව 
දැනුවත් කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. කඩා 
කප්පල්කාරීන්ගේ යෝජනාවලට රැවටෙන්න එපා. නීතිය හා සාමය රකින ගමන් ජනතා ප්‍රශ්න විසඳීමට 
රජය බැඳී සිටින බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව ජනතාවට කියා සිටිනවා. 
(Dr.S.M.M.Nawshad)