Sinhala News Details

img

අත්‍යවශ්‍ය රෝගින්ට රුධිරය සැපයිමේ ගැටළුවක් දැනට නැහැ. -මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා 26.04.2022

මධ්‍යම ලේ බැංකුවේ තිබෙන රුධිර සංචිත වල අඩුවක් දක්නට ලැබුනත් හදිසි ශල්‍යකර්ම, හදිසි අනතුරු හා 

ජීවිත අවදානමක් ඇති සියලුම රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංඝටක දැනට තිබෙන බව ජාතික ලේ බැංකුවේ 

අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.  

වෛද්‍යවරයා මේ බව පැවසූයේ "ජාතික රුධිර පාරවිලනයේදී සැපයුම කළමනාකරණය” පිළිබඳව අද (26) 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිණි.  

100%ක් ආනයනික ද්‍රව්‍ය මත යැපෙන සේවා ජාලයක් නිසා විදේශ විනිමය සංචිත වල හිඟය හේතුවෙන්  

ජාතික රුධිර සැපයුම් වලට තර්ජනයක් විය හැකිය. නමුත් ජාතික රුධිර සැපයුම් ජාලවල ශූන්‍ය සැපයුම් 

(Zero Supply Level) මට්ටමකට පැමිණ නැත. එහෙත් සැපයුම් අවප්‍රමාණයකට ලක් වී ඇත. එම නිසා 

සමස්ත රුධිර පාරවිලන කළමනාකරණයත්, සායනික කටයුතු රට පුරා කරන  පර්ෂද 24ත් නියෝජනය 

කරන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාවය මත සැපයුම කළමනාකරණයට තීන්දු කර තිබේ. 

පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමට රුධිර පැකට් වර්ග 04ක් භාවිත වේ. ඒවායෙන් දැනට Triple 

Blood Bag වර්ගයේ රුධිර පැකට් පමණක් ප්‍රමාණවත් තරම් නැත. අනෙකුත් රුධිර සංචිත තිබෙන නිසා 

මාසයක්, මාස එකහමාරක් පමණ කළමනාකරණය කර ගැනීමට හැකියාව පවතී. මෙම මස පළමු සතියේ  

සැපයුම් ප්‍රමාණයක් ලැබීමට නියමිතය. ඒවා නියමිත පරිදි ලැබීමෙන් පසු, පෙර පරිදි සේවා කටයුතු පවත්වා 

ගැනීමට හැකියාව පවතී.  

එම නිසා ලබන සතිය අග වනතුරු ප්‍රමුඛත්වය ලබා දිය යුතු රෝගීන්ට ප්‍රමුඛතාවය දී රුධිර සැපයුම් 

කළමනාකරණය අපේක්ෂා කෙරේ. සීමිත සංචිත ප්‍රමාණය හදිසි අනතුරු, හදිසි ශල්‍යකර්ම, වකුගඩු බද්ධ 

කළ රෝගීන්, තැලසීමියා රෝගීන් හා ජීවිත අවදානම ඇති රෝගීන්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.  

ජාතික රුධිර අවශ්‍යතාවයට වර්ෂයකට රුධිර ඒකක ලක්ෂ 4 ක් පමණ අවශ්‍ය වන අතර රුධිර පැකට් 1200-

1400 අතර සංඛ්‍යාවක් සාමාන්‍ය දිනකට අවශ්‍ය වේ. ශල්‍යකර්ම වල අඩුවක් දක්නට තිබෙන නිසා දැන් 

දෛනික අවශ්‍යතාවය රුධිර පැකට් 1100-1200ක් අතර වේ. රුධිරය ලබා ගැනීමේදී රුධිර දායකයන් 

1000ක පමණ සංඛ්‍යාවක් සාමාන්‍ය දිනකදි රුධිරය ලබා දෙයි. 

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට රුධිර පාරවිලනය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය සෙනරත් 

ජයසේකර මහතාද එක්වීය.