Sinhala News Details

img

ජාත්‍යන්තර වනාන්තර දින ජාතික සැමරුම සිංහරාජ රක්ෂිතයේ දී 22.03.2022

තිබිණ. ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු මස 21 වන දිනට යෙදී තිබුණු අතර එහි ජාතික සැමරුම වනජීවී සහ 
වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 21) සිංහරාජ 
වනාන්තරය ආශ්‍රීතව  පැවැත්විණ.  
 
මෙවර ජාත්‍යන්තර වනාන්තර දින තේමාව වූයේ “වනාන්තර හා තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය” 
යන්නයි. දේශීය හා විදේශීය සංචාරකයන් උදෙසා සිංහරාජ රක්ෂිතයේ රුපියල් මිලියන දෙකක 
වියදමින් ඉදි කරන ලද “විහඟ කැදැල්ල”  පාරිසරික සංචාරක නවාතැන විවෘත කිරීම හා නවීකරණය 
කළ දේශන ශාලා> පර්යේෂණ හා ප්‍රදර්ශන කුටි> නවාතැන් පහසුකම් හා ආපන ශාලා වලින් සමන්විත 
නව පර්යේෂණ අධ්‍යාපන හා පරිසර මධ්‍යස්ථානය විවෘත කිරීමද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.  
 
එම පරිශ්‍ර භූමියේ දුර්ලභ ශාක වර්ග කිහිපයක් රෝපණය කිරීම හා වතුරාව මාර්ග පිවිසුම අසල සිට 
වතුරාව පර්යේෂණ අධ්‍යාපන හා පරිසර මධ්‍යස්ථානය දක්වා සකස් කරන ලද නව මාර්ගය විවෘත කිරීමද 
ඊයේ සිදු කෙරිණ. 
 
සිංහරාජයේ මොනර කැකිල්ල තිරසාර වනජ  ආදර්ශ භූමිය තුළ පයිනස් වගාවේ අභ්‍යන්තර යටි 
රෝපණයක් ලෙස වේවැල්>  ගොරකා>  වෙනිවැල්  වැනි දේශීය ශාක රෝපණය  කිරීමද  ආක්‍රමණශීලී 
ශාක ඉවත් කිරීමේ  වැඩසටහන ආරම්භ කිරීම ද අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ සහ  රත්නපුර 
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී> රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ  සහභාගිත්වයෙන් සිදු කරන 
ලදී.  
 
තම ජීවිත කාලය පුරා ස්වෙච්ඡාවෙන් සිංහරාජ වනාන්තරය රැක ගැනීම සඳහා විශාල මෙහෙයක් කොට 
මෑතකදී අභාවප්‍රාප්ත වූ මාර්ටින් විජේසිංහ මහතාගේ බිරිඳ හා දූවරුන් වෙත සී.බී. රත්නායක 
අමාත්‍යවරයා විසින් මූල්‍යමය ත්‍යාගයක්  පිරිනමන ලදී. 
 
ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව පාසල් සිසුන්ගේ පාරිසරික සිතුවම් තරගයේ ජයග්‍රාහක, 
ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය හා ප්‍රදේශයේ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල 
පිරිනැමීම ද උත්සවාකාරයෙන් සිදු කෙරිණ. 
 
උත්සව සභාව ඇමතූ සී.බී. රත්නායක මහතා, ජනතාව තිරසාර ජීවන රටාවකට මෙන්ම තිරසාර 
පරිභෝජන සහ නිෂ්පාදන රටාවකට යොමු කිරීමට දක්වන දායකත්වය වර්ධනය කළ යුතු බව පැවසීය. 
 
 
අනාගත පරපුර වෙනුවෙන් වනාන්තර හා පරිසර පද්ධතිය රැක ගැනීමට තමන් උපරිම අයුරින් කැපවන 
බවත්> තිරසර සංකල්පය අනුව යමින් සංචාරක කර්මාන්තය නංවාලීමට ද උපරිම දායකත්වය ලබාදෙන 
බවත් අමාත්‍යවරයා  කීය. 
 
අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා> රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී 
ලොකුපෝතාගම මහත්මිය. වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්  එම්.ඒ. බණ්ඩාර මහතා> වන සංරක්ෂණ 
දෙපාර්තමේන්තු නිලධාරීන්> අමාත්‍යංශ නිලධාරීන්> රාජ්‍ය නිලධාරීන්> පාසල් සිසු සිසුවියන් . ගුරු 
භවතුන් ඇතුළු ප්‍රදේශවාසීහූ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.  
 
ප්‍රධාන සැමරුමට සමගාමීව ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් 
විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර  
 Dr. S.M.M.Nawshad